Description
ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්ට පසුව ලාංකිකයන් වඩාත් ඇලුම් කරන ලතින් ඇමරිකානු ලේඛකයා ඉසබෙල් අයියන්දේය.
වහල්බවේ බැම්මෙන් බැඳී හුන් ‘සරිතේ’ හා උක් වතු යායක පාලනය බාර ගන්නට පැරීසියේ සිට පැමිණෙන ‘තුලූස් වල්මොරං’ ගේ ජීවිත දෛවෝපගත ලෙස එකිනෙකා හා සම්බන්ධ වන අයුරුත්, ආදරය, කරුණාව මෙන්ම වෛරය, රාගය හා තිරිසන් බව ආදී අනේක මානව ස්වභාවයන් එකිනෙක බැඳී මානව යථාර්ථයන් කුළුගන්වන අයුරුත් මෙම නවකතාව තුළ විවරණය වෙයි.
මෙය අය්යන්දේගේ මෑත කාලීන නවකතා අතර සුවිශිෂ්ටතම කෘතිය වනවා සේම එය ඇගේ අග්‍ර කෘතිය ලෙස සැලකෙන .The House of the pirits. හා සමතැන් ගන්නා කෘතියක් බවද, පාඨකයාට විස්මිත නවකතා අත්දැකීමක් ලබාදෙන කෘතියක් ලෙසද අවිවාදයෙන් පැවසිය හැක.
Reviews
There are no reviews yet.