Description

නිව්යෝර්ක් හි කීර්තිමත් නීති ආයතනයක හවුල්කාරියක වූ ඇලෙක්සැන්ඩ‍්‍රා පාකර්ගේ සැමියා සෑම්ය. ඇයට වයස අවුරුදු හතළිහේදී සිඟිති දියණියකගේ උපතත් සමඟින් ඔවුන්ගේ ප‍්‍රීතිමත් පවුල සම්පූර්ණ වේ. එහෙත් හදිසියේ සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයක ප‍්‍රතිඵල මත ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ අකුණු සැරයක් වැදුණාක් මෙනි. වෝල් වීදියේ දක්‍ෂතම ව්‍යවසායකයකු වන සෑම් පාකර් තම බිරිඳගේ අසනීප තත්ත්වය දැන ගැනීමත් සමඟින් භීතියට පත් වන්නේ තම බිරිඳට හෝ දියණියට කිසිදු ආකාරයක මානසික සහනයක් ලබා නොදෙන අයුරිනි. රැුයක් එළිවන අතරතුර අඹුසැමියන් මෙසේ ආගන්තුකයන් බවට පත් වේ. තවත් අකුණු සැරයකින් සෑම්ගේ වෘත්තීය ජීවිතය විනාශ වී යන්නේ ඔහුගේ වෘත්තීය හා අනන්‍යතාවයද අභියෝග යට ලක් කරමිනි. තම සැමියා සමඟ තව දුරටත් පවුල් ජීවිතයක් ගත කරන්නද එසේත් නැතිනම් ඔහුගෙන් දුරස් වී නව ජීවිතයක් ගොඩනගා ගන්නේද යන තීරණය අතරේ ඇලෙක්්ස්ගේ සිත දෝලනය වේ

Reviews

There are no reviews yet.

Be the first to review “අකුණු සැරය-Akunu Saraya”

Your email address will not be published. Required fields are marked *