Description

ලෝඩ් ඔෆ්ද රිංග්ස් පාඨකයන්ට මෙන්ම රසික ප්රේක්ෂකයන්ද ‘හොබිට්’ යනු අමුතුවෙන් හඳුන්වාදිය යුතු සත්ව කොට්ඨාසයක් නොවේ. මහාචාර්ය ටොල්කීන්ගේ පරිකල්පන බුද්ධියෙන් උපන් මනඃකල්පිත ජීවී කොට්ඨාසයක් වන හොබිට්වරු පොළොව මධ්යයේ ( middle -earth) පිහිටි ‘ෂයර්’ නමැති ජනපදයක වෙසෙන ශරීර ප්රමාණයෙන් හා හැඩහුරුකමින් බොහෝ දුරට අඟුටුමිට්ටන්ට සමාන ජීවී කොට්ඨාසයකි. වර්ණවත් ඇඳුමින් සැරසීමටද කමින් බොමින්, ප්රීතිවීමටද කැමැති හොබිට්වරුන් අතර වූ එක් සුවිශේෂී හොබිට්වරයෙකු වන ‘බිල්බෝ බැගින්ස්’ හට නොසිතූ විරූ ලෙස ‘තෝරින් ප්රමුඛ අඟුටුමිට්ටන් දහ තුන්දෙනෙකුගේ කණ්ඩායමකට සම්බන්ධ වී කලකට පෙරදී අහිමි වූ නිධානයක උරුමය සොයායාමට සිදුවනුයේ ගැන්ඩල්ෆ්’ නම් මායාකරුගේ මැදිහත්වීම කරණකොටගෙනය. ‘ස්මොග්’ නමැති කෲර මකරෙකුගේ ග්රහණයේ පවතින නිධානය සොයා යන ගමන ගැන්ඩල්ෆ්ගේ මෙහෙයවීමෙන් යුතුව බැගින්ස් නිවහන පිහිටි ‘ෂයර්’ වෙතින් ඇරඹෙන අතර එහිදී ‘රිවන්ඩෙල්’, මිස්ටි මවුන්ටන්” ආදී ප්රදේශ පසුකරන වික්රමාන්විත පිරිසට අභියෝග රාශියකට මුහුණදීමට සිදුවේ. ටේරාල්වරු ( යෝධයන් පිරිසකි.) වාමනයන් (goblins) ආදී සතුරු පිරිස්ද සේම එල්ෆ්වරු වැනි මිත්රශීලී පිරිස්ද හමුවෙමින් යන මේ ගමනේදී බිල්බෝ බැගින්ස් (මාටින් ෆ්රීමන්) හට ලෝඩ් ඔෆ් ද රිංග්ස් කථාමාලාවට පදනම් වූ ‘බලවත් මුද්ද’ අනපේක්ෂිත සිද්ධිදාමයක ප්රතිඵලයක් ලෙස හිමිවන්නේ අඟුටුමිටි කණ්ඩායමේද නිධානය සොයා යන ගමනේ ද මෙන්ම සමස්ත චිත්රපටයේම සුවිශේෂීම පුද්ගලයා බිල්බෝ බැගින්ස් බවට පත් කරලමිනි. ‘ගොලම්’ නමැති විරූපී දෙබිඩි චරිතයක් සහිත වාමන ජීවියෙකු විසින් නැතිකරගනු ලබන මුද්ද බැගින්ස් අතට පත්වනුයේ මුදුවේ බලගතු ගුණාංගද බැගින්ස් හට හිමිකර දෙමිනි. මුදුවෙන් ලැබූ හිටිවනම නොපෙනී යාමේ හැකියාව උපයෝගී කර ගනිමින්, අනතුරුදායක අවස්ථාවලින් තම සහචරයන්ද ගලවා ගනිමින් බිල්බෝ බැගින්ස් නිධානය කරා යන ගමනේ කුතුහලය මිශ්රිත වික්රමාන්විත ජවනිකා රසවිඳීමට නම් ‘ හොබිට් අහිමි වු උරුමය – ඔබ කියවිය යුතුමය.

Reviews

There are no reviews yet.

Be the first to review “අහිමිවූ උරුමය හොබිට්-Ahimi Wu Urumaya Hobbit”

Your email address will not be published. Required fields are marked *